Althinaigen, දුයිෂෙන්ට.....
සරත් සමයට වසන්තය ගෙනෙන්නට
වෙහෙසුනා නුඹ හොදටොම
මතකයි තවමත් මතකයි
නුඹවත් නොදන්නා අපත් නොදන්නා
අකුරු අතර කියවන්නට කියා දුන් හැටි
කදු පෙළකින් වටවූ හුදෙකලා ගම්මානයේ
දොළපාරේ සිසිලසම හදවතේ රන්දාගෙන
කරට ගත්තේ පොඩි එවුන් එතෙර කරන්නට
අපහාස නොතකම......
පස තුළම හුල්ලන කුළුදුල් අංකුර
දිරියෙන් නැගිටුවාලන දයාවේ පැන් පොද
වැස්සුවේ නුඹ .....
හදවතේ තෙරපෙන අලවන්තකම
යතුරු ලා හැදුවේ සිර යහන
එම අදිස්ඨානයට .....
කදු පාරේ ඇත කෙලවරක සුලගට එක් වී
දග කරන පොප්ලරයනෝ
තවමත් කියනවා ඇති දුයිෂෙන් ....
අතිතය ගැන හමුවීම් වෙන්වීම් පමණක්ම ඇති ජිවිතය සරුවට හැඩ කරන්නට මටත් කියාදුන් හැටි
ගුරුතුමනි සැබැවින්ම නුඹ
ගුරුගිතයක්ම විය මට....
No comments:
Post a Comment